මීගොඩ ගැමුණු මාවත ප්‍රදේශයේදී බත්තරමුල්ල සමුපාකාර රක්ෂණ සමාගමේ උප සභාපතිවරයාට වෙඩි තබා තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මාතර සමුපාකාර රක්ෂණ සමාගමේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයන් සිවුදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර බස්රථ හිමි ව්‍යාපාරිකයෙක් යුද්ධ හමුදාවේ සේවය හැර ගිය සෙබළුකු සහ බස් කොන්දොස්තරවරයෙකු වන බව පොලිසිය කියයි.
වෙඩි වැදී තුවාල සිදු වූ මීගොඩ වල්පිට තිසර උයන පදිංචි සමුපකාර රක්ෂණ සමාගමේ හිටපු උප සභාපතිවරයා අධ්‍යක්ෂක මණ්ඩලය කැමැත්තෙන් හා අධිකරණයේ පවතින ලද නඩු තීන්දුවක් අනුව ඉකුත් 2 දෙවෙනි දින ඔහු වර්තමාන සභාපතිවරයා ලෙස නම් කර තිබූ බව පොලිසිය කියයි.
එයට හිටපු සභාපතිවරයා අමනාපෙන් පසු වී ඇති අතර ඔහුගේ කණ්ඩායමේ සාමාජිකයෙකු වන මාතර සභාපතිවරයා වත්මන් සභාපති ලෙස වැඩ භාර ගැනීමට යමින් සිටි දර්ශන සමරවික්‍රම මහතාට වෙඩි තබා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණ වි ඇත.
ඒ සඳහා සැකකාර මාතර සභාපතිවරයාගේ ගෝලයෙක් වන කළුතර වරකාගොඩ ප්‍රදේශයේ බස්රථ හිමි ව්‍යාපාරිකයා ට පවසා ඇති අතර ඔහු විසින් සෙසු සැකකරුවන් සම්බන්ධ කර ගනිමින් අපරාධය සිදුකර ඇති බව පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඒ අනුව අවස්ථා කීපයකදීම වර්තමාන සභාපතිවරයාට වෙඩි තැබීම සඳහා පැමිණියද අවස්ථා කීපයක දී එය මගහැරී ඇතැයි පොලිසිය කියයි.
වෙඩි තැබීම සඳහා හිටපු සෙබළා ත්‍රීරෝද රථයෙන් පැමිණ සැඟවී සිට වෙඩි තැබීමෙන් අනතුරුව කිලෝමීටරයක් පමණ දිව ගොස් යතුරු පැදියේ නැගී හයිලෙවල් පාරට පැමිණ එතනින් බස් රථ හිමි ව්‍යාපාරිකයා රැගෙන ආ තිරෝද රථය නැගී පලා ගොස් ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි තැබීම සඳහා ගිනි අවිය හා උණ්ඩ හයක් ලබාදී ඇත්තේ මාතර සමුපකාර රක්ෂණ සමාගමේ සභාපතිවරයා බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
ඔහුට දෙනා දන්නේ ගිනි අවිය ලද ආකාරය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පවත්වන බවත් පොලිසිය කියයි.
ගිනි අවිය විදේශීය රටක නිෂ්පාදිත 9 රස බත් 3 වර්ගයේ උන්ට දැමිය හැකි ගිනි අවියකි.
සැකකරුවන් පැය 48 ක රඳවා ගැනීමේ නියෝග මත දීර්ඝ ලෙස ප්‍රශ්න කර අපරාධයේ සුලමුල හෙළි කර ගැනීමෙන් අනතුරුව හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


