සමුද්‍රදේවී සීග්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද (23) උදෑසන පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවූ බව කළුතර දුම්රිය බළධාරින් සඳහන් කළේය.
දුම්රිය එන්ජිම් කොටස කළුතර දෙස සිට කොළඹ දෙසට ධාවනය වන මංතීරුවේදී නාවික හමුදා කදවුර ඉදිරිපිටදී පිලීපැනිම සිදුව තිබුණි.
ඒ අනුව මුහුදුබඩ දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක පමණක් දුම්රිය ගමනාගමනය සිදුකෙරිණි.
එබැවින් කාර්යාල දුම්රියන් තරමක් ප්‍රමාදවී ධාවනය වීවෙන් මගීන් අපහසුතාවයකට පත්ව සිටින අයුරු දැකගත හැකිවිය.
පානදුර සුමිත් පොතුපිටිය



