අධිකරණයට අපහාස කිරිමේ චෝදනා යටතේ වරදකරුවී දැනට බන්ධනාගාරගතව සිර දඩුවම් නියම වි සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමන්ට ජනාධිපති සමාව ලබා ගැනීම වෙනුවෙන් වූ ලිපි ලේඛණවලට අත්සන් තබා තිබේ.
මෙසෙ අත්සන් තැබූ ලිපි ලේඛණ ජනපතිවරයාට හා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරියේදි භාර දීමට නියමිතව තිබේ. තම ප්‍රකාශය සම්බන්ධයෙන් අධිකරණයට කනගාටුව ප්‍රකාශ කිරිමේ ප්රකාශයකටද ඔහු අත්සන් තබා තිබේ.
ජනාධිපති නීතිඥ ෆයිස් මුස්තාෆා මහතා ඇතුළු නිතිඥ කණ්ඩායමක් මෙම ලිපි ලේඛණ සකස් කර තිබේ. මේ වන විට උසාවි නිවාඩු කාලය ක්‍රියාත්මක වන බැවින් ඔහුට සමාව ලබාදිමේ කටයුතු සඳහා මසකටත් අඩු කාලයක් ගතවෙනු ඇතැයි සඳහන්.