පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තර්ජනය කරමින් සමාජ මාධ්‍ය ජාලා වල පල කෙරෙන දැන්වීම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඒ අනුව එවැනි දැන්වීම් පළ කරන පුද්ගලයන් හා ඒවා සකස් කරන, බෙදා හරින සංසරණය කරල පුද්ගලයන් සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි පොලිස් මූලස්ථානය විශේෂ අවධාය යොමුකර ඇති බවද මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය නිකුත් කළ නිවේදනයක දැවෙයි.
ඒ අනුව එවැනි පුද්ගයලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක වන පරිඝනක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත උපදෙස් දි ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.