සමාජ මාධ්‍ය තහනම මෝඩ ක්‍රියාවක් බවත් රජයෙන් වැරදි ගණනාවක් සිදුවූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි.
රජයේ මන්ත්‍රිවරු ලෙස කැබිනට් මණ්ඩලය ගන්නා වැරදි තීරණ පිළිබඳව කැබිනට් මණ්ඩලයට දැනුම් දීමට උත්සාහ කළ බවත් මේ පිළිබඳව විවෘතව කථා කිරීමට කාලය පැමිණ ඇති බවත් ඔහු පවසයි.
මේ වන විට සිදුවෙමින් පවතින ගැටලුවලට රජයක් ලෙස මන්ත්‍රීවරුන් වගකිව යුතු බවත් බලධාරීන් ධනාත්මකව සිතා බැලිය යුතු බවට සඳහන් කිරීම විහිලුවක් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.