සමාජ මාධ්‍ය නීති දමා කිසිම දවසක පාලනය කල නොහැකි දෙයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ (2) පස්වරුවේ අම්බලන්ගොඩ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.
සමාජ මාධ්‍ය මෙන්ම මාධ්‍ය ද මෙසේ නීති දමා පාලනය කිරීමට නොහැකි බවත් අඩුම තරමින්වත් ඒවා නියාමනය කිරීමට ද නොහැකි බවත් මහින්ද දේශප්‍රිය මහතා මෙහිදී අදහස් දක්වමින් පැවසීය.
“කිසිම වෙලාවක මාධ්‍ය හෝ කතිකාවත් භාෂණයේ නිදහස නීති දාලා පාලනය කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.නියාමනය කියන එකවත් කරන්න බැරි දෙයක්. කරන්න පූලුවන් සාකච්චාවෙන්,සම්මුතියෙන් එකගතාවයෙන් නරක දේවල් නොකර හොද එක කරන්න.
නමුත් මේ නීතිවලින් මුකුත් කරන්න හදනවනම් තමන් විවේචනය කරන එක ජනතාවගේ අදහස් හෙළිදරව් කරන එක මහජනයාගේ හඩ යටපත් කරන්න මෙවැනි නීති පැනවීම විධිමත් සාකච්චාවක් නැතිව කිසිසේත්ම ප්රජාතන්ත්රවාදී සමාජයකට ගැලපෙන දෙයක් නම් නොවේ.
දඩුවම් තිබුනා හෝ නැතා හෝ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නීති දාලා වළක්වන්න නම් බැහැ.ඒක හරියට රබර් බෝලයක් බලහත් කාරයෙන් දිය යට සගවගෙන ඉන්නවා වගේ වැඩක්.එහේම කරාම ඒවා වෙනත් ආකාරයෙන් පැන නගින්න පුලුවන්.අදහස් එලිදිකින්න ඉඩ දුන්නේ නැතනම් ඒක පැන නගින්නේ වෙන ආකාරයකට”