සමාජ මාධ්‍ය ඔස්සේ සිදුවන විදෙස් විශ්වවිද්‍යාල වංචාවක් හෙළිවෙයි
සමාජ මාධ්‍ය ඔස්සේ පල වන විදේශ විශ්වවිද්‍යාල සදහා බදවාගැනීමේ දැන්වීම්වලට හසුවී රුපියල ලක්ශ ගණනක මුදල් අහිමි කර ගත් දෙමව්පියන් හා ශිෂ්‍යයන් කිහිපදෙනෙක්ගේ පැමිණිලි ශ්‍රී ලංකා CERT ආයතනයට ලැබී ඇතැයි එම ආයතනය පවසයි.
විදේශ විශ්වවිද්‍යාල සදහා ඇතුළත් වී විදෙස් රටවල වීසා බලපත්‍ර ලබා ගත හැකි බවත් වසර කිහිපයක රැකියා බලපත්‍ර ලබාගෙන පසුව පුරවැසිභාවය පවා ලබා ගත හැකි බවටත් පලවන දැන්වීම් සමාජ මාධ්‍ය තුල පළවන බව එම ආයතනය පවසයි.
එම නිවේදනයේ පහත ලෙස දැක්වෙයි.
"මෙම ඇතැම් දැන්වීම් සම්පූර්ණයෙන්ම වංචනිකය. එම දැන්වීම්වල සදහන් දුරකථන අංකවලට කතා කලවිට ඔබට අසන්නට ලැබෙන විස්තර ඉතා ආකර්ෂණීයය.
නියෝජිතයන් ලෙස ඔවුන් පෙනී සිටින්නේ ලොව ඉහලම විශ්ව විද්‍යාල වෙනුවෙනි. ලියාපදිංචි ගාස්තු සහ පලමු අධ්‍යයන වාරයට පමණක් මුදල් ගෙවා විශ්ව විද්‍යාලයට ඇතුලත් විය හැකි බවත් ඉන් පසු සිසුවාට රැකියාවක් සොයාගෙන නවාතැන් සහ ආහාර සදහා මුදල් සොයාගත හැකි බවටත් ඉතා ආකර්ෂණීය ලෙස ඔවුහූ පවසති.
ඉන්පසු තිබෙන අධ්‍යයන වාරයන් (Semester) සදහා ශිෂ්‍යත්ව පවා දිනා ගැනීමේ හැකියාව පවතින බව ඔවුන් දන්වා සිටිති.ඊමේල් ගොනුවක් හෝ WhatsApp සමූහයක් සාදා ගන්නා ලෙසත් ඔවුන් දැනුම් දෙනු ලැබේ. ඒවාට එවනු ලබන්නේද අදාල විශ්ව විද්‍යාලවල වීඩියෝ, ඡායාරූප සහ තොරතුරුය. එම වීඩියෝ සහ ඡායාරූප ඔන්ලයින් ඔස්සේ සොරාගත් ඒවා බවට සැක කල නොහැකි තරමට මෙම වංචාකරුවන් ඉතා සූක්ෂ්මව විස්තර ඉදිරිපත් කරති.
ලියාපදිංචිය සදහා වන ලිපිගොනු ඇතුලත් ලේඛනද අදාල විශ්වවිද්‍යාලයෙන් නිකුත් කරනු ලබන ලේඛන හා සමානය.
ඉන් පසුව මුදල් බැර කිරීම සදහා ඔවුන් ලබා දෙනු ලබන්නේද විදේශ ගිණුම් අංකය. මේ හරහා සැකයක් ඇතිවීමට තිබෙන සියලු ඉඩ කඩ ඔවුන් විසින් වසා දමනු ලබති.
මෙයට රැවටී ලියාපදිංචි ගාස්තු,මුල් අධ්‍යයන කාලසීමාව සදහා ගාස්තු ලෙස රුපියල් ලක්ශ ගණනක් බැරකල පසු මෙම වංච්නිකයන් අතුරුදහන් වෙති. එබැවින් අන්තර්ජාලය ඔස්සේ පල කෙරෙන මෙවැනි දැන්වීම්වලට හසුනොවන ලෙසත් නීත්‍යනුකූල අකාරයෙන් සේවා සපයන විශ්වවිද්‍යාල නියෝජිතයන් පමණක් තෝරා ගන්න ලෙසත් ශ්‍රී ලංකා CERT ආයතනය ජනතාවගෙන් ඉල්ලා සිටී. එමෙන්ම මෙම පුද්ගලයන් ලබාදෙන ලේඛනවල නිර්වද්‍යතාවය මෙන්ම ගිණුම් අංක පිළිබඳව ද පරීක්ෂාවෙන් සිටින ලෙසත් CERT ආයතනය තවදුරටත් ඉල්ලා සිටී."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

