මෙරට භාවිතා කරන සමාජ මාධ්‍ය සඳහාද මාධ්‍ය භාවිතා කරන ආයතන වලට තිබෙන ආචාර ධර්ම පද්ධතිය හදුන්වාදීම වැදගත් බවත්, ඒ හරහා රටක් ජාත්‍යන්තර අපකීර්තියට පත් කිරීම වැලැක්විය හැකි බව සමෘද්ධි, ගෘහ ආර්ථික ක්ෂුද්‍ර මූල්‍ය ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.
එසේ සමාජ මාධ්‍ය භාවිතා කරමින් ජනතාව මුලාවට පත් කර ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත් කිරීමට උත්සහ දරන්නන්ට දැඩි විරෝධතාවලියක් දැක්වීමට සුදානම් බව ද රාජ්‍ය ඇමැතිවරයා සදහන් කළේය.
උතුරු නැගෙනහිර පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු පසුගිය දිනක ට්විටර් පණිවිඩයක් ඔස්සේ තම දේශපාලන කණ්ඩායම් සුදු වෑන් රථ වලින් පැහැර ගැනීමක් සිදු කල බව ප්‍රකාශ කර ඇති අතර, ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් කළ ශ්‍රි ලංකා පොලීසිය සහ බුද්ධි අංශ එවැනි ක්‍රියාවලියක් සිදු වී නොමැති බවට හෙලි දරව් කර ඇති බවත් අමාත්‍යවරයා පැවැසීය.
සමාජ මාධ්‍ය භාවිතා කරමින් මෙවැනි අසත්‍ය ප්‍රචාරය කිරීම අද වන තුරුත් නොනැවතී ඇති බවත්, ජිනීවා මානව හිමිකම් කොමිෂම රැස්වන හැම කාල පරිච්ඡේදයක් තුලම ලංකාවේ මානව අයිතිවාසිකම් සම්බන්ධව කලු පැල්ලමක් ගෙන ඒමට කටයුතු කරන පිරිස් මෙම ක්රියාදාමයේ නායකත්වය ගෙන තිබෙන බවත්, කඩා වැටුණු ආර්ථිකයක් තිබුණු රටක් නැවත නගා සිටුවීම දරා ගත නොහැකි පිරිස් මෙවැනි ක්‍රියාවන් සිදු කරන බවද වැඩිදරටත් මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය ඇමැති වරයා සඳහන් කළේය.
"සමාජ මාධ්‍ය පැත්තෙනුත් මාධ්‍ය ආයතන වල වගේම මාධ්‍ය වල තිබෙන ආචාර ධර්ම පද්ධතියක් හදුන්වා දීම වැදගත් වේවි. එහෙම නැතුව මේ විදියට එක් එක්කෙනාට හිතෙන හිතෙන විදියට අරයා පැහැර ගත්තා, මෙයා පැහැර ගත්තා කියලා විවිධ සමාජ මාධ්‍ය භාවිතා කරන්න උත්සහ කරනවානම් ඒ තනි පුද්ගලයෙකු විදිහට එයාට වාසි සහගත තත්ත්වයක් වුණාට රටවල් හැටියට ඒවා රාජත්‍රාන්තික මට්ටමේ ඒ තරම් ගැලපෙන ක්‍රමවේද නොවේ. බොරු තොරතුරු සමාජ ගත කරනවාට වඩා ඔය පිරිස් ලංකාව අතහැර යන එක වඩාත් හොදයි කියලයි අපි දකින්නේ."
