සමාජ ප්රතිලාභ ලබාදීමට ග්‍රාමිය කමිටු ක්‍රියාත්මකයි
COVID-19 වෛරස තත්ත්වය හමුවේ පීඩාවට පත් ජනතාව වෙනුවෙන් සමාජ ප්රතිලාභ ලෙස රුපියල් 5000 ක මුදල් ප්රදානය කිරීම සදහා ග්‍රාමිය කමිටු ක්‍රියාත්මක වෙමින් පවතින බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය පවසයි.
විශේෂයෙන් අත්‍යාවශ්‍ය මහජන සේවාවන් අඛණ්ඩව සැපයීම, මෙහෙයවීම සම්බන්ධීකරණය හා පසුවිපරම පිණිස වූ ජනාධිපති කාර්යසාධන බලකායේ නියමයන්ට අනුකූලව නිර්දේශ කර ඇති ක්ෂේත්රයන් වන
පෙරපාසල් ගුරුවරුන්
පෞද්ගලික බස්රථ රියදුරන් හා කොන්දොස්තරවරුන්
රජයේ සේවයේ නොයෙදෙන ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්
හස්ත කර්මාන්තකරුවන්
අත් යන්ත්‍ර පේෂ කර්මාන්තකරුවන්
උසාවි මගින් නඩත්තු දීමනා ලබන කාන්තාවන්
ආදායම් අහිමි කුඩා තේවතු හිමියන්
ප්‍රාදේශීය මාධ්‍යවේදීන්
යන රැකියා කාණ්ඩ සදහා එම රුපියල් 5000 දිමනාව ලබාදෙනු ඇත.
ඒ අනුව ඉහත සදහන් කණ්ඩායම් ලියාපදිංචි වී සිටින රාජ්‍ය හා පළාත් මට්ටමේ ආයතන වලින් ලබාගත් නාමලේඛණ මේ වන විට කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය විසින් ග්‍රාමීය කමිටුව වෙත ලබාදීමට කටයුතු කර ඇත.
මීට අමතරව ග්‍රාමීය කමිටුවේ නිර්දේශයන් මත ග්‍රාමීය කර්මාන්ත ක්ෂේත්රයේ නිරත වන්නන්, ග්‍රාමීය මට්ටමේ සේවා සපයන්නන් සහ ග්‍රාමීය අලෙවිකරණයේ යෙදෙන්නන් සදහා මෙම රුපියල් 5000 දීමනාව ලබාදීමට ද රජය තීරණය කර ඇති බව කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය අවධාරණය කරයි.
මෙහිදී තමාගේ සේවාවන් සදහා ලියාපදිංචි වී ඇති ස්ථාන වෙතින් බැහැරව වෙනත් ස්ථානයක පදිංචි වී සිටී නම් එම පුද්ගලයින්ට ද දැනට පදිංචි ප්‍රදේශයෙහි සිට මෙම සමාජ ප්රතිලාභ මුදල් ලබාගැනීමට හැකියාව තිබේ. ඒ සදහා තමන්ගේ වෘත්තීය ලියාපදිංචි අනන්‍යතාවය සහ පදිංචිය සනාථ කර ග්‍රාමීය කමිටුව වෙත තම ඉල්ලීම ඉදිරිපත් කළ යුතු බවත්, මෙම වැඩපිළිවෙල දිවයිනේ සෑම ග්‍රාමසේවා වසමකම පිහිටුවා ඇති ග්‍රාමිය කමිටු හරහා ක්‍රියාත්මක වන බවත් කාන්තා, ළමා කටයුතු හා සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය අවධාරණය කර සිටියි.

popular news
-
කළකම් පලදේ Sunday, 19 April 2020 06:08 AM
- ගතවූ චන්දෙදි එක අපේක්ෂකයෙක් හැමදේම නිකන් දෙනවා කියල කියන එකට හිනාවෙවී අනිත් උන් උදපන්න. දැන් මිනිස්සු අන්දලා විද්‍යාත්මක ක්‍රමවේදයට බලයට පැමිණි උන්ට හැම දේම නිකන් දෙන්න වෙච්ච එක ගැන හිතන කොට දුකේ බහ. - මීට අවුරුද්දකට කලින් හිටපු විපක්ෂ කට්ටිය බෝම්බ පිපුරුම පාවිච්චි කරලා රටේ ජනතාවගේ ජීවිත අවුල පාසල් වල බෝම්බ බියක් ඇති කරලා පාසල් වස්සවල. මේ අවුරුද්ධේදී උන් කල බලු වැඩේ ට වැඩ මර බියක් රටේ ඇතිවෙලා. දැන් උන්ට වපු ඉස්කෝල මොන බයිලාවක් ගහල හරි අරගන්න සිද්දවෙලා. - කළකම් පලදේ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

