සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත අද (08) පාර්ලිමේන්තුවේදී විවාද කිරීමෙන් අනතුරුව වැඩි ඡන්ද 81 කින් සම්මත විය.
ජාතික ජනබලවේගයේ නායක ගරු අනුර කුමාර දිසානායක මහතා දෙවනවර කියවීම අවසානයේ ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඒ අනුව පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව 91ක්ද විපක්ෂව ඡන්ද 10ක්ද හිමිවිය.
පනත්කෙටුම්පත කාරක සභා අවස්ථාවේදී ඊට සංශෝධන එක්වූ අතර අනතුරුව තෙවනවර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.
රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ කෝවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් හදුන්වා දෙනු ලැබූ පියවරක් ලෙස 2022 අයවැය මඟින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දෙන ලදී. වාර්ෂික පිරිවැටුම රු. මිලියන 120 ඉක්මවනු ලබන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන් සහ තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන්ගේ බද්දට යටත් පිරිවැටුම මත සියයට 2.5 ක අනුපාතයකින් මෙම බද්ද අය කෙරේ. මෙම බද්දෙන් අපේක්ෂිත ආදායම වසරකට රු. බිලියන 140 කි.
පනත් කෙටුම්පත 2022 ජූනි 21 වැනි දින ගැසට් පත්‍රයේ ප්‍රකාශයට පත් කරන ලද අතර එය ගරු මුදල් අමාත්‍යවරයා විසින් 2022 ජූලි 06 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
පනත් කෙටුම්පතට අදාළ සබැඳිය පහත දැක්වේ.
http://documents.gov.lk/files/bill/2022/7/219-2022_S.pdf