වී අලෙවි මණ්ඩලය විසින් සම්බා හා කීරි සම්බා වී මිලදී ගැනීමේ අවම මිල ඉහළ නැංවීමට කටයුතු කර ඇති බව කැබිනට් ප්‍රකාශක
අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
"2025 යල කන්නනයේදී නාඩු, සම්බා හා කීරි සම්බා වී කිලෝවක් පිළිවෙළින් රුපියල් 120, 125ක් හා 132ක් ලෙස මිලදී ගෙන තිබෙනවා. ඉදිරි කන්නවලදී සම්බා හා කීරි සම්බා වගා කිරීම ප්‍රවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් වී වර්ග මිලදී ගැනීම සුදුසු බවට
කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් විසින් පත්කරනු ලැබූ මිල කමිටුව විසින් නිර්දේශ කර තිබේ. ඒ් අනුව නියමිත ප්‍රමිතියෙන් යුත්
නාඩු කිලෝවක් මිලදී ගැනීමේ අවම මිල රු 120 ලෙස තවදුරටත් පවත්වාගොන යාමටත් සම්බා හා කීරි සම්බා වී කිලෝවක් මිලදී
ගැනීමේ අවම මිල පිළිවෙළින් රුපියල් 130ක් හා රුපියල් 140 දක්වා ඉහළ නැංවීමටත් තීරණය කර තීබේ."