සම්බා සහ කීරි සම්බා වලට ආදේශක ආනයනය කරයි
2026 මැයි මාසය වනවිට සම්බා සහ කීරි සම්හිබා සහල් හිඟයට පිළියමක් ලෙස, සම්බා සඳහා විකල්ප ලෙස සලකන සහල් වර්ග ආනයනය කිරීම පිළිබඳ අවධානය ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව යොමු කර ඇත.
ඒ අනුව, HS Code 1006.30.29 යටතේ වර්ගීකරණය කර ඇති පොන්නි සම්බා, කීරි සම්බා සහ කිරි/පොල් පොන්නි ඇතුළු GR 11 ලෙස හඳුන්වන සහල් වර්ග මෙට්‍රික් ටොන් 1,040ක උපරිම ප්‍රමාණයක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය ලබා දී ඇත.
2025/26 මහ කන්නයේ සම්බා සහ කීරි සම්බා සහල් නිෂ්පාදනය මෙරට සමස්ත අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් නොවන බවට වාර්තා වේ.
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ සහ පුහුණු ආයතනය සහ ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය , ඉදිරිපත් කළ යාවත්කාලීන තොරතුරු මත පදනම්ව, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මෙම තත්ත්වය පෙන්වා දී තිබේ.
ඕනෑම ආනයනකරුවෙකුට 2026.04.01 දින සිට 2026.04.30 දින දක්වා කාලසීමාව තුළ එම සහල් ආනයනය කිරීමටත්,එම සහල් තොග 2026.05.31 දින හෝ ඊට පෙර ශ්‍රී ලංකා රේගුවෙන් නිෂ්කාශනය කිරීමටත් හැකියාව ඇත.
එමෙන්ම, මෙම සහල් වර්ග ආනයනය කරන ආනයනකරුවන්ට ආනයන පාලන බලපත්‍ර ලබා ගැනීමේ අවශ්‍යතාවයෙන් ද නිදහස් කර ඇත.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යවරයා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම තීරණය හරහා වෙළෙඳපොළේ මිල ස්ථාවර කරමින් පාරිභෝගිකයන්ට සහල් සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාම හැකිවේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
