සමූහ මිණිවල සම්බන්ධයෙන් අධිකරණ වාර්තාව ප්‍රකාශයට පත් කරන්න බෑ
මන්නාරම සමූහ මිණි වලේ සිරුරුවල කාල නිර්ණය පිළිබඳ වූ කාබන් වාර්තාව ඇමෙරිකාවේ ෆොලොරීඩා හි බීටා ඇනලිටික් ආයතනය සෘජුවම ලිඛිතව මහේස්ත්‍රාත් අධිකරණයට ලබාදෙනතුරු අධිකරණ වෛද්‍යවරයා ලබා දුන් වාර්තාව ප්‍රකාශයට පත් කිරීමට නොහැකි බව මන්නාරම මහේස්ත්‍රාත් ටී සරවනරාජා මහතා ප්‍රකාශ කළේය.
මහේස්ත්‍රාත්වරයා මන්නාරම විවෘත අධිකරණයේදී අද (20) දින ඒ බව ප්‍රකාශ කළේ අතුරුදන් වුවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන් මෝසමක් මගින් අද දහවල් නඩුව කැඳවු අවස්ථාවේදීය.
අධිකරණ වෛද්‍යවරයා අද උදෑසන මහේස්ත්රාත්වරයාට ලබා දුන් කාබන් කාල නිර්ණය වාර්තාවේ පිටපතක් නඩුව කැඳවූ අවස්ථාවේදී ප්‍රකාශයට පත් කරන ලෙස අතුරුදන් වූවන්ගේ ඥාතීන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු ඉල්ලා සිටි අවස්ථාවේදී අදාළ වාර්තාව නිල වශයෙන් අදාළ ආයතනයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට එවා නොමැති වීමෙන් විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ විසින් දුන් පිටපත ප්‍රකාශයට පත් කළ නොහැකි බවත් නිල පිටපත ලැබුණු පසු එය ප්‍රකාශයට පත් කරන බවත් මන්නාරම් මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශයට පත් කොට සිටියේය.
මේ අනුව අතුරුදහන් වූවන්ගේ ඥාතීන් විසින් මන්නාරම් ගොනු කොට තිබූ අදාල නඩුව මේ මස 25 වනදා දක්වා කල් දැමීමට මන්නාරම් මහේස්ත්‍රාත් ටී.සර්වණරාජ් මහතා නියෝග කොට සිටියේය.


popular news
- 
                            rocky Wednesday, 20 February 2019 06:50 PM මේක රණවිරුවන්ගේ මානුෂික මෙහෙයුමක ප්‍රතිඵලයක් වෙන්නත් පුළුවනි! Reply : 0 0 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                