ඇතැම් ස්ථාන වල සිදු කරන වර්ජන ඉතාම අසාධාරණ බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
වර්ජන සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
“සමහර තැන් වල තිබෙන වර්ජන , ඇත්තටම ඒ වර්ජකයන් අපිත් එක්ක කතා කරනවා. විසඳුම් ගන්න උත්සහ කරමින් ඉන්නවා. ඒ අතර තමන්ගේ සාමාජිකයන්ගෙන් එන ප්‍රෙෂර් එක මත සමහර වර්ජන දියත් වෙනවා. සමහර තැන් වල නම් ඇත්තටම වර්ජන ඉතාම අසාධාරණයි. රජයක් ලෙස අපි කාලයක් ගොඩ ගැසුණු ප්‍රශ්න වලට උත්තර දෙන්න විසඳුම් දෙන්න යන වෙලාවේ දී ඉතාම අසාධාරණ ලෙස වර්ජන සිදු වෙනවා. සෞඛ්‍ය ක්ෂේත්රයේ වර්ජන වලින් පීඩාවට පත්වෙන්නේ මේ රටේ අසරණ ජනතාව. ”