සමහර දේශපාලන තීන්දු ගැන කනගාටුවනවා
ජපානය සමග ගිවිසුම් ගත වූ වටිනා සංවර්ධන ව්‍යාපෘති අහෝසි කිරීමට බලපෑ සමහර දේශපාලන තීන්දු ගැන කනගාටුවන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි මහතාට පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසුවේ මෙරට ජපාන තානාපතිවරයා එම අමාත්‍යාංශයේදී අද (24දා) හමුවූ අවස්ථාවේදිය.
ජපන් රජයේ ණය ආධාර යටතේ ඉදිකිරීම් ඇරඹූ කටුනායක ගුවන්තොටුපොළ දෙවන අදියරේ ඉදිකිරීම්වල ප්‍රමාදය සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් සකස් කෙරුණු විශේෂ වාර්තාවක් අමාත්‍යවරයා විසින් තානාපතිවරයාට මෙහිදී බාරදෙනු ලැබීය.
ඒ සම්බන්ධව අදහස් දක්වා ඇති ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි මහතා පවසා ඇත්තේ කොරෝනා උවදුර සහ වර්තමානයේ පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් එම ඉදිකිරීම් කටයුතු ප්‍රමාදවී ඇති බව තමාට වාර්තාවී ඇති බවයි.
ශ්‍රී ලංකාව අසීරුතාවට පත් වූ සෑම අවස්ථාවකදීම ජපාන ජනතාව සහයට ඉදිරිපත්වීම ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන බව නිමල් සිරිපාල සිල්වා මහතා මෙහිදී පැවසීය.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

