සීමාසහිතව ලාංකිකයන් ගෙන්වීම ලබන සතිය වනවිට ආරම්භ කරනවා
සීමාසහිතව ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වීමේ වැඩසටහන ලබන සතිය වන විට ආරම්භ කරන බව ගුවන්සේවා සහ අපනයන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක මහතා පැවසීය.
අමාත්‍යවරයා මෙසේ පැවසූයේ තංගල්ල රැකව ප්‍රදේශයේ ඉදිකෙරෙන නව කුකුළු ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීමට ධීවර වරාය සහ මිරිදිය මත්ස්‍ය රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා සමඟ අද (15) එක්වූ අවස්ථාවේදීය.
ලංකාව තුළ කොරෝනා රෝගීන් වැඩිවීමත් සමඟ රෝහල්වලට දරාගත හැකි ප්‍රමාණය සමඟ තීරණය කර තාවකාලිකව ගුවන් ගමන් සීමා කළද ඒ වෙද්දිත් අපනයනය කටයුතු කරගෙන ගිය බව ඩී.වී. චානක අමාත්‍යවරයා පැවසීය.
ඒ සමඟම තාවකාලිකව පිටරට ඉඳන් එන අය නැවැත්වූවත් ලබන සතිය වෙද්දි සීමාසහිත ප්‍රමාණයක් මෙරටට ගෙන්වීමේ කටයුතු සිදු කරන බවද හෙතෙම කීවේය. රට යථා තත්ත්වයට පත් වීමත් සමඟ සංචාරක ව්‍යාපාරය සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරීමටත් බලාපොරොත්තු වන බව ඩී.වී.චානක අමාත්‍යවරයා කීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

