සංවර් ධනය සඳහා ඒක්සත් ජනපද නියෝජිතායනයේ පරිපාලන නිලධාරී සමන්තා පවර් මහත්මිය හෙට (10දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඇය දින දෙකක නිල සංචාරයක් සඳහා ශ්‍රි ලංකාවට පැමිණෙන අතර මෙරට ඉහළ පෙළේ දේශපාලඥයින්, පෞද්ගලික අංශයේ නියෝජිතයන්, මෙන්ම ගොවීන් ඇතුළු විවිධ පාර්ශව සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
ඒහිදී ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති සංකීර්ණ තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව නැවත ගොඩනඟා යථා තත්ත්වයට පත්කිරීම සම්බන්ධයෙන් ලංකාවට සහාය ලබාදෙන්නේ කෙසේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
ඇය ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා විවිධ පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු නායකයින් හමුවීමට ද නියමිතයි. ඇයගේ සංචාරය අතරතුර, ශ්‍රී ලංකාවේ ජනතාව සඳහා එක්සත් ජනපදයේ තිරසාර සහයෝගය ඉස්මතු කරන අතර ආහාර සුරක්ෂිතතාව, ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟය, ආර්ථික ස්ථාවරත්වය සහ යුක්රේනයට - රුසියා යුද්ධය හේතුවෙන් කලාපයට සිදුව ඇති බලපෑම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමට නියමිතය.
පවර්ගේ සංචාරය ශ්‍රී ලාංකිකයන් මුහුණ දෙන හදිසි සහ අතරමැදි අවශ්‍යතා විසඳීමට සහ ස්ථාවරත්වයට නැවත පැමිණීමට සහාය වීමට එක්සත් ජනපදයේ කැපවීම අවධාරනය කරනු ඇත.