ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් කිව්.ආර්. කේතය අත්හිටුවීමට ලබන මස සළකා බලන බවත් එසේ නොවුණ හොත් සතියේ ඉන්ධන කෝටාව ඉහළ දමන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. අද කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
එසේම පවතින වියළි කාලගුණ තත්ත්වය යටතේ සමනල වැව ජලාශයේ සක්‍රීය ජල ධාරිතාව සීඝ්රයෙන් පහළ යෑම හේතුවෙන් එහි විදුලි නිෂ්පාදනය තව දින දෙකකට පමණක් සීමාවනු ඇතැයිද ඔහු පැවැසීය.
පවතින තත්ත්වය හමුවේ අවශ්‍ය වුවහොත් හදිසි විදුලි මිලදී ගැනීමක් සිදුකිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බවද අමාත්‍යවරයා පැවැසීය.