
විශ්රාම වැටුප් තහවුරු කිරීම, පත්වීම් ලිපි ලබාදීම, උසස්වීම් ක්රියාපටිපාටි ක්රියාක්මක කිරීම ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කර ගනිමින් දිවයින පුරා සමෘද්ධි නිලධාරීන් අද (09දා) වැඩ වර්ජනය කරමින් වෘත්තිය සමිති ක්රියාමාර්ගයකට පිවිස තිබේ.
එම වැඩ වර්ජනය හේතුවෙන් සමෘද්ධි ප්රජා මූල බැංකු , කලාප කාර්යයාල, ප්රාදේශීය සමෘද්ධි කාර්යයාල අද දින වසා දමා ඇත.
සමෘද්ධි බැංකු කාර්යයාලවල දෛනික කටයුතු අවසන් වීමෙන් පසු එහි ආරක්ෂිත යතුරු ළඟම ඇති පොලිස් ස්ථානවලට භාරදෙන අතර, අද (09දා) දිනයේ එම යතුරු භාර ගැනීමට කිසිදු සමෘද්ධි නිලධාරියෙකු පොලිස් ස්ථාන වෙත නොපැමිණි බවද සඳහන් වේ.