ජාතික සමථ දිනය සැමරීමේ උත්සවය මෙවර ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රදානත්වයෙන් කොළඹ 07 පිහිටි පදනම් ආයතයේදී කොළඹ 07 පදනම් ආයතනයේදී පැවැත්විණ.
1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත යටතේ 1990 වසරේ ජූලි මස 18 වන දින සිට සමථ මූල මණ්ඩලය පිහිටු වීමෙන් අනතුරුව පුරා වසර තිස් පහක් තුළ ස්වේච්ඡාවෙන් හා කැපවීමෙන් ජාතික මෙහෙවරක් ඉටු කරනු ලබන සමථ මූල මණ්ඩල සභාපතිවරුන් ඇතුළු සියළුම සමථකාර මහත්ම මහත්මීන් හට ගෞරවනීය ප්‍රණාමය පුද කිරීම උදෙසා සෑම ජාතික සමථ දිනය නමින් දිනයක් නම්කර එය සැමරීම සිදු කරයි.
"සමථකරණ ක්‍රියාවලියට මේ වසර ඉතාම සුවිශේෂී වර්ෂයක් වන අතර 2025 වර්ෂයේ අයවැය මඟින් සමථ මණ්ඩල කොමිෂන් සභාව වෙත රුපියල් බිලියනයකට අධික ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කර තිබෙනවා. එමෙන්ම සමථ මණ්ඩල ශක්තිමත් කර ඉඩම් ආරවුල් පිළිබඳ විශේෂ සමථ මණ්ඩල දිස්ත්‍රික් 16ක පිහිටුවා ඇති අතර අධිකරණයට යොමුවන මූල්‍ය ආරවුල් ප්‍රමාණය අඩු කිරීම සඳහා මුල්‍ය ආරවුල් පිළිබඳ විශේෂ සමථ මණ්ඩලයන් හදුන්වා දී ඇති අතර එහි පළමු පියවර වශයෙන් කොළඹ, ගම්පහ, අනුරාධපුර, පොළොන්නරුව, මහනුවර සහ මොණරාගල යන දිස්ත්‍රික්කයන් හයෙහි විශේෂ මූල්‍ය ආරවුල් පිළිබඳ සමථ මණ්ඩල පිහිටුවීමට මේ වන විටත් කටයුතු කර තිබෙනවා.
සමථ මණ්ඩලය වෙත වසරකදී ආරවුල් ලක්ෂ දෙකකට වඩා වැඩි ප්‍රමාණයක් යොමු වෙනවා. සමථකරණ ක්‍රියාවලිය ශක්තිමත් කිරීම තුළින් අධිකරණය තුළ ගොඩගැසීමට තිබූ තවත් නඩු ලක්ෂ දෙකක් පමණ වසරකදී අඩු කර ගැනීමට අපේක්ෂා කරනවා.
අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරිමේ ව්‍යාපෘතිය හා සමගාමීව සමථ මණ්ඩලවල ආරවුල් දත්ත කළමණාකරන පද්ධතියක් ස්ථාපනය කිරීමට කටයුතු කරමින් පවතිනවා.
උසාවියකින් ලැබෙන තීන්දුවකට වඩා සමථ මණ්ඩලයකින් ලැබෙන තීන්දුව ඉතා මානුෂීයයි. එහි දිනුමක් හෝ පැරදුමක් නැතිවා සේම මානසික සුවයකින්ද යුක්තයි. සමථකරණය සෑම පුද්ගලයකුටම කල නොහැකියි එයට සුවිශේෂී හැකියාවන් තියෙන්න ඕන මනුෂ්යයිට ආදරය කරුණාව දක්වන පුද්ගලයින් විය යුතුයි.
මෙහිදී වැඩිදුරටත් අදහස් ප්‍රකාශ කරමින් අමාත්‍යවරයා සඳහන් කලේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනැගීමේ ක්රියාදාමයේ අත්‍යවශ්‍යම අංගයක් ලෙස සෑම පුරවැසියකුටම නීතියට සම ප්‍රවේශයක් ලබාදීම සහතික කරන නීතියේ ආධිපත්‍ය සුරුකි සමානාත්මතාවය රජයන සමාජයක් බිහි කිරීමට වර්තමාන රජය කැපවී කටයුතු කරනවා"