දිනෙන් දින ඉහළ යන ජීවන වියදම ඉන්ධන සහ ගෑස් ගැටලුව හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් කොට ඇති බව පවසමින් මොරටු මහනගරසභා පරිශ්‍රයේ සිට පවතින රජයට සහ නගරාධිපති ඇතුලු කණ්ඩායමට බැන වැදුන ජවිපෙ මන්ත්‍රී කණ්ඩායම අද(1දා) පැවති මොරටු මහ සභාව නීතියානුකුල නොවන බව පවසමින් නාගරික කොමසාරිස් වරයාට ලිපියක් භාර දෙනු ලැබීය.
අද දින අප්‍රේල් මාසයේ සඳහා වූ මහ සභාවාරය මොරටුව නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් මොරටුව මහ නගර සභා ප්‍රධාන රැස්වීම් ශාලාවේ දී පැවැත්වුණි.
උදෑසන 09.45ට පමණ ඇරඹි සභාවේදී ජවිපෙ නාගරික මන්ත්‍රීවරුන් ජනතා ගැටලු පිළිබඳව දැඩි විවේචනාත්මකව හඬ අවදි කළ අතර එහිදී රීතී ප්‍රශ්නයක් නාගරික මන්ත්‍රි ප්‍රදීප් ශ්‍රියන්ත මහතා මතු කලහ.
ඒ සමග සභා ගැබේ උණුසුම්කාරී තත්ත්වයක් මතුවූ අතර සභා ගැබෙන් එළියට පැමිණි ජවිපෙ කණ්ඩායම රජය ගෙන යන වැඩ වැඩපිළිවෙළ ජනතාව පීඩාවට පත්කොට ඇතැයි පවසමින් බැන වදින්නට විය.
අද දින පැවති සභාවේ සියලු කමිටු කඩිනමින් සම්මත කරගනිමින් නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා සභාව පැයක පමණ කාලයේදී අවසන් කිරීමට පියවර ගනු ලැබීය
අවසානයේදී අද දින පැයකට පමණ සීමා වූ මොරටු මහ නගර සභා මාසික සභාවාරය නීත්‍යනුකූල නොවන බව පවසමින් ජවිපෙ නාගරික මන්ත්‍රී කණ්ඩායම කොමසාරිස්වරයාට ලිපියක් භාර දෙනු ලැබීය.
ඒ පිළිබඳව අප මොරටුව නාගරික කොමසාරිස් එස්.ඩී තෙවරප්පෙරුම මහතාගේ විමසා සිටි අතර ඒ මහතා පැවසූයේ ඔවුන්ගේ මතය සඳහන් කරමින් ජවිපෙ මන්ත්‍රීවරු කණ්ඩායම තමා වෙත ලිපියක් භාර දුන් බවයි.
ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ගනු ලබන තීරණය පිළිබදව අප කොමසාරිස්වරයාගෙන් විමසා සිටියි අතර එහිදී ඒ මහතා පැවසූයේ
අදාළ ලිපිය සඳහා නීත්‍යානුකූලව යම් පියවරක් ගැනීමට ඇතිදැයි සෙවීමට රැස්වීම් අංශය වෙත එය යොමු කළ බවයි.
මොරටුව රේඛා තරංගනී ෆොන්සේකා

