මහත් ආන්දෝලනයට තුඩු දී ඇති සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වද සිදුවීම සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවැනි වසර සිසුන් සිවු දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එම විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් වෙත නවක වදය ලබාදීම සදම්බන්ධයෙන් සමනල වැව පොලිස් ස්ථානයට ලදපැමිණිල්ලක් අනුව ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන විමර්ශනවලට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.
සැකකාර සිසුන් අද දිනයේදී බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.