නවක වධය ලබා දීමේ සිද්ධියක් හේතුවෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ අත්අඩංගුවට ගත් තුන්වැනි වසරේ සිසුන් හතර දෙනා ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට බලන්ගොඩ මහේස්ත්‍රාත් වරිය අද (05දා) නියෝග කළාය.
තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගනුම ලැබූ සිසුවෙකුගේ මරණ සම්බන්ධයෙන් එම විශ්වවිද්‍යාලයේ තෙවැනි වසරේ ඉගනුම ලබන සිසුන් සිවි දෙනෙකු මෙලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන බලන්ගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද (05දා) සවස ඉදිරිපත් කිරිමෙන් පසු එම සිසුන් සිවි දෙනා මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රුක්ෂි වික්‍රමසිංහ මෙනෙවිය නියෝග කළාය.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ ඉගනුම ලැබූ පුස්සැල්ලාව ,ඉහළගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි චරිත් දිල්ශාන් නැමති සිසුවා ඉකුත් 29 වැනිදා සියදිවි හානිකරගෙන තිබුණ බව සමනල වැව පොලීසිය සඳහන් කළේය . මේ අතර තවත් සිසුන් පිරිසක් තමන්ටද නවක වධයට මුහුණ පෑමට සිදු වූ බව පවසම්න් සමනල වැව පොලීසිය වෙත පැමිණිලි ඉදිරිපත් කර තිබේ. පසුව එම නවක වධය සිද්ධිය සම්බන්ධයෙන් සිසුන් විසිදෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගැනීමටද සමනල වැව පොලීසිය කටයුතු කර ඇත.
මෙම සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දි තිබේ. එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් විසින් මෙම ජ්‍යෙෂ්ඨ සිසුන් සිවි දෙනා විශ්වවිද්‍යාල පරිශ්‍රයෙහිදී පෙරේදා (04දා) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබුහ. පසුව ඔවුන් සමනල වැව පොලීසිය වෙත රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසුව මෙලෙස බලන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කෙරිණ. අධිකරණයට ඉදිරිපත් කළ සැකකාර සිසුන් වෙනුවෙන් පෙනී සිටි නිල නොලත් මහේස්ත්‍රාත් නීතිඥ දේශබන්දු සූරියපටබැඳි මහතා සැකකාර සිසුන්ට වෙත ඇප ලබාදෙන ලෙස අධිකරණයයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඔවුන් මේ මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණ.
රාස්සගල - සම්පත් ප්‍රියනන්දන