සබරේ නවක වද සිදුවීමට තවත් හතරක් අල්ලයි - අත්අඩංගුවට ගත් ගණන 8ක් දක්වා ඉහළට
සබරගමුව විශ්වවිද්‍යාලයේ නවකවදය ලබා දිමෙි සිද්ධියට සමිබන්ධ තවත් ජේෂ්ඨ සිසුන් 04 ක් අද (05) දා සවස අත්අඩංගුවට ගෙන ඇතැයි සමනලවැව පොලිසිය පවසයි.
නවකවදය ලබා දිමෙි සිද්ධිය සමිබන්දයෙන් සිසුන්ගෙන්ඉකුත් දා ප්‍රකාශ සටහන් කර ගැනිමෙන් පසු සමනල වැව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රවින්ද්‍ර ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි පොලිස් විශේෂ කාර්යාංශය මගින්සිදුකල විමර්ශන වල ප්‍රතිපලයක් ලෙස මෙම සිසුන් සිවිදෙනා නිතිඥ වරයෙකු මාර්ගයෙන් සමනලවැව පොලිස් ස්ථානාධිපතිවරයා වෙත භාරවු බවපොලිසිය පැවැසීය.
මෙම නවකවද සිද්ධිය සමිබන්දයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණ සිදු කරන බැවින් එම සිසුන් සිවිදෙනා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවෙි නිළධාරින් විසින්අත්අඩංගුවට ගෙන ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටිති.
එම ජේෂ්ඨ සිසුන් සිවිදෙනා හෙට (06) දා බලන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
මෙිි අතර මිට පෙර අත්අඩංගුවටගත් සැකකාර සිසුන් සිවිදෙනෙකු බලන්ගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
රාස්සගල සම්පත්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

