සබරගමුව විශ්ව විද්‍යාලයේ තාක්ෂණ විද්‍යා පීඨයේ දෙවන වසර ශිෂ්‍යයෙකු ගේ හදිසි මරණයට හේතුවූ කරුණු සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් සිදු කිරීම සඳහා පරීක්ෂණ මණ්ඩලයක් මේ වන විට පත්කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ අනුව එම පරීක්ෂණ මණ්ඩල වාර්තාව ලැබුණු වහාම ඒ සම්බන්ධයෙන් ගතයුතු සියලු පියවර විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් ගන්නා බවද එහි සඳහන් කර තිබේ.