නවීන් දිසානායක මහතා සබරගමුව පළාත් ආණ්ඩුකාර ධුරයේ දිවුරුම් දී තිබේ. ජනපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරියේ එම දිවුරුම්දීම සිදුකර ඇත.
සබරගමු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස මීට පෙර කටයුතු කළ ටිකිරි කොබ්බෑකඩුව මහතා පසුගියදා එම ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග එම ධුරය පුරප්පාඩු විය. ඒ අනුව එම ධුරයට නවීන් දිසානායක මහතා පත්කිරීමට ජනපතිවරයා කටයුතු කරනු ලැබීය.