සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්රයේ කාර්ය මණ්ඩල විශාල වශයෙන් විදෙස් ගතවීමේ ප්‍රවණතාවයක් දැකිය හැකි බැවින් ඒ පිළිබදව කඩිනමින් අවධනය යොමු කළ යුතු බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසීය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (11දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ යොජනාවක් අනුව පැවැත්වෙන රජය සහ පළාත් සභා අතර පළාත් පාලන හා සංවර්ධන ක්‍රියාවලිය මනා සම්බන්ධීකරණයකින් යුතුව පවත්වාගෙන යාම සඳහා වියදම් කළමකාකරණය පිළිබඳව වූ ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනේ සබරගමුව පළාත් පළමු රැස්වීමට එක්වෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා පැවසුයේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ක්ෂේත්රය විශ්‍රාම ගැන්වීම සහ විදෙස් ගත වීම් පිළිබදව සම්බන්ධයෙන් යළි සලකා බැලීම වඩා යහපත් බවය.
එහිදී වෛද්‍ය වෘත්තිකයින්ට අමතරව ඉංග්‍රීසි, විද්‍යාව, ඉංග්‍රීසි මාධ්‍ය ගුරුවරු විශාල ලෙස විදෙස්ගතවීමක් පෙන්නුම් කරන බවද ඒ මහතා පැවසීය.
රජය සහ පළාත් සභාව මගින් ක්‍රියාත්මක සියලු සංවර්ධන කටයුතු සදහා සබරගමු පළාතේ දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමට ද, සම්බන්ධ කර ගැනීමට ද කටයුතු කළ යුතු යැයි ටිකිරි කොබ්බෑකඩුව මහතා මෙහිදී පැවසීය.
මෙම වර්ෂයේ (2022) සබරගමු පළාතේ විශේෂඥ වෛද්‍ය, ලියාපදිංචි වෛද්‍ය, හෙද, ඖෂධවේදී, වෛද්‍ය රසායනාගාර, තාක්ෂණික ශිල්පී සහ සෞඛ්‍ය කාර්ය සහයක කාර්යය මණ්ඩල විදෙස්ගත වීම සහ විශ්‍රාම යාම හේතුවෙන් ගැටළු රැසක් පැන නගින බව මෙහිදී අදහස් දැක්වූ සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවසූවේ මේ වන විටත් සබරගමුව පළාතේ විශේෂඥ වෛද්‍යවරු 3, වෛද්‍යවරු 14 හෙද නිලධාරීන් 25, ඖෂධවේදීන් සහ වෛද්‍ය රසායනාගාර ශිල්පීන් 3 සහ සෞඛ්‍ය කාර්ය සහායකයින් 7 දෙනෙකු විදෙස් ගත වී ඇති බවය.
මෙම වර්ෂයෙදී වෛද්‍යවරු 15, ලියාපදිංචි වෛද්‍යවරු 22, හෙද නිලධාරීන් 9 විශ්‍රාම යාමට නියමිත බව ද, තවත් සෞඛ්‍ය කේෂ්ත්‍රයේ විශාල පිරිසක් විදෙස් ගත වීමට අපේක්ෂාවෙන් පසු වන බවද පළාත් සෞඛ්‍ය අධ්යක්ෂවරයා මෙහිදී පැවසීය.
කෘෂි කර්මාන්තය, පෝෂණය, සෞඛ්‍ය, රාජ්‍ය මුල්‍ය කළමකාකරණය, රත්නපුර නව නගර ක්‍රීඩාංගණය, පළාත් පාලන ආයතන සහ පාසල් සතු ක්‍රීඩා පිටි ඇතුළු ක්ෂේත්‍ර රැසක පැන නැගී ඇති ගැටළු පිළිබදව රජය සහ පළාත් සභාව ඒකාබද්ධ වී කඩිනමින් විසදුම් ලබා දීමට මෙහිදී තීරණය විය.