සපෙළට බය නැතිව යන්න
අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සදහා ආත්ම විශ්වාසයකින් යුතුව භිය නැතිව මුහුණදිම තුලින් සාර්ථක ප්‍රථිපල ලබාගතහැකි බැව් ගාල්ල ජාතික රෝහලේ මානසික රෝග පිළිබද විශේෂ වෛද්‍ය රූමි රූබන් මහතා පවසයි.
හෙට (17) පැවැත්වෙන අ.පො.ස සාපෙළ විභාගය පිළිබද අදහස් දක්වමින් හෙතෙම මෙසේද කිවේය.
"විභාගයට භිය වුවහොත් මෙතෙක් කල් පාඩම් කරපු දේවල් අමතක වෙනවා. කලබලවෙලා නිවරදිව ප්‍රශ්නවලට පිළිතුරු ලබාදිමට බැරිවෙනවා මෙතෙක් කල් පාඩම් කරපු දේවල් මේ කාලය තුලදි මෙනෙහිකරගතයුතුයි. අලුත් විෂයකරුණු වලට යනවාට වඩා පාඩම් කරපු දේවල් නැවත නැවත මෙනෙහි කිරිම තමයි කළයුතු වන්නේ. දෙමව්පියන් විසින් දරුවන් පිඩාවට ලක්නොකොට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු සදහා පහසුකම් සැලසිම තමයි කළයුතු වන්නේ.
ඇතැම් දරුවන් නිදිමරාගෙන පුළුවන් තරම් පාඩම් කරණවා එක හොද දෙයක් නෙවෙයි. දිනකට පැයහයකවත් නින්ද අවශ්‍යයි. ඇතැම් දරුවන් විභාගය පැවැත්වෙන අතරතුර කලබලවෙලා නිවරදිව ප්‍රශ්න තේරුම් ගන්නේ නැහැ. ප්රශ්නය හොදට කියවා අවබෝධකරගෙන පිළිතුරු සැපයිය යුතුවෙනවා. හොද ප්‍රථිපලයක් ලබාගැනිම සදහා සැහැල්ලුවෙන් විභාගයට මුහුණදිය යුතුයි. විභාගයට පෙනිසිටින ඇතැම් විෂයන්වල විෂයකරුණු අමාරු වු විට ඇතැම් පාසල් දරුවන් ඒ ගැන කල්පනාකරමින් ලතවෙනවා විභාගයට පිළිතුරු ලබාදුන් පසු ඒගැන හිතන්න අවශ්‍ය නැහැ. ඊළග විෂයට හොදින් පෙනිසිටිය යුතු" බවද මානසික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය.
යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

