සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ මෙහෙයුම් කටයුතු යළි ආරම්භ කිරීම තවදුරටත් ප්‍රමාද වන බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ කටයුතු හෙට (27) දිනයේ ආරම්භ කිරීමට තීරණය කල නවුත් බොරතෙල් සහිත නෞකාව දිවයිනට ලඟා වීම ප්‍රමාධ වීම හේතුවෙන් මෙහෙයුම් කටයුතු ආරම්භ කිරීම එලැඹෙන 30 වෙනි දින දක්වා කල් තැබූ බව අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.ආර් වොල්ගා මහත්මිය සඳහන් කරයි.
ශ්‍රී ලංකාවට දිගුකාලීනව බොරතෙල් සැපයීම වෙනුවෙන් ගිවිසුම් ගතව සිටින සිංගප්පුරු සමාගමට අයත් නෞකාව පසුගිය 24වන දින මෙරටට ලඟා වීමට නියමිත වුවත් එම නෞකාව අද (26) දිනයේ කොළඹ වරායට ලඟා වීමට නියමිත බවද බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.