සඳුදා සිට පාසල් යළි විවෘතයි
එළැඹෙන සඳුදා (25දා) සිට පාසල් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. එළැඹෙන 21දා සිට යළි පාසල් ආරම්භ කිරීමට නියමිතව පැවති නමුත් රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සලකා 2022.07.25 සඳුදා දින සිට පාසල් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එලෙස පාසල් ආරම්භ කර පවත්වාගෙන යාම සඳහා පළාත් අධ්‍යාපන ලේකම්වරුන්, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන්, කොට්ඨාස භාර නියෝජය/සහකාර අධ්‍යාපන අධ්යක්ෂවරුන් සහ සියලුම විදුහල්පතිවරුන් වෙත උපදෙස් මාලාවක් යොමුකර ඇති අතර, ඒ අනුව සියලු පාසල්වල අධ්‍යයන කටයුතු සිදු කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක වැඩිදුරටත් දැක්වෙයි.
popular news
-
Diluka Wednesday, 20 July 2022 04:17 AM
Niyamai
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

