රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සඳහා එල්.කේ. ජගත් ප්‍රියංකර මහතා පත් කිරීමට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
2020 වසරේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී පුත්තලම දිස්ත්‍රික්කයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ආසන 05ක් හිමිවූ අතර මනාප ලැයිස්තුවේ ප්‍රථමයා වූයේ අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාය.
සෙසු සිව්දෙනා ලෙස ප්‍රියංකර ජයරත්න, අරුන්දික ප්‍රනාන්දු, චින්තක අමල් මායාදුන්න සහ අශෝක ප්‍රියන්ත යන අය එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය. ජගත් ප්‍රියංකර මහතා මනාප ලැයිස්තුවේ 6වන ස්ථානයට පත්ව තිබිණි.
ඒ අනුව සනත් නිශාන්ත මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ජගත් ප්‍රියංකර මහතාට හිමිවෙයි. ඔහු විමල් වීරවංශ මහතාගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නායකයා ලෙස කටයුතු කරයි.
ජගත් ප්‍රියංකර මහතා පාර්ලිමේන්තුවට පැමිණීමෙන් අනතුරුව විමල් වීරවංශ මහතාගේ මතය අනුව කටයුතු කරන බව මීට ඉහතදී ප්‍රකාශ කළේය.