ජනතාව ලබා දුන් ජන්දයට කිසිදු විටක අසාධාරණයක් නොකරන බවත් තමන්ට ලැබෙන මන්ත්රි ධුරය කිසිදු ලෙසකින් අවතක්සේරු නොකරන බව සනත් නිශාන්ත පෙරේරා මහතාගෙ අභාවයෙන් පසු හිස් වු මන්ත්රි ධුරයට පසු තේරී පත්විමට නියමිත ජගත් ප්රියංකර මහතාගෙන් කල විමසිමේදි පවසන්නට විය.
සනත් නිශාන්ත මහතාගෙ අභාවයෙන් හිස් වු මන්ත්රි ධුරයෙන් පසුව පුත්තලම දිස්ත්රික්කයෙ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ලයිස්තුවේ සිටින ජගත් ප්රියංකර මහතාය.
ඔහු විමල් විරවංශ මහතාගේ ජාතික නිදහස් පෙරමුණ යටතේ පොදුජන පෙරමුණ සමග එක්ව පසුගිය මහ මැතිවර්ණයෙදී ගෝඨාභය රාජපක්ෂ මහතාගෙ ජයග්රහණය වෙනුවෙන් තරග වැදිනි.
එහිදි මනාප ජන්ද 40800 ක් ලබා ගත් ජගත් ප්රියංකර මහතා එම ලයිස්තුවේ පස් වන ස්ථානය හිමිකර ගැනිමට සමත්විය.
නමුත් පුත්තලම දිස්ත්රික්කයට පොදුජන පෙරමුණින් සිව් දෙනෙකුට පමනක් පාර්ලිමේන්තු වරම් හිමිවිනි.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු ජගත් ප්රියංකර මහතා පවසා සිටියෙ තමන්ට දේශපාලන ඒපා වි සිටි බවයි.ඒ නිසාම තම රැකියාව වන සමෘද්ධි කළමණාකරුවකු ලෙස නාත්තන්ඩිය සමෘද්ධි කාර්යාලයෙ සේවය කරමින් සිටි බවයි.
නමුත් හිස් වු මන්ත්රිධුරය වෙනුවෙන් තමන් පාර්ලිමේන්තුව නියෝජනය කරන බවත් එහිදි තමන්ට ජනතාව ලබා දුන් ජන්දයට කිසිදු ලෙසකින් අසාධාරණයක් නොවිමට කටයුතු කරන බවයි.
තමන් පලමුව මන්ත්රිවරයකු ලෙස දිවුරුම් දී තම පක්ෂ නායකයා වන විමල් විරවංශ මහතා සමග එක්වි ඔහු දරණ මතයට අනුව කටයුතු කිරීමට සුදානම් වන බවයි.
නමුත් තමන් විශ්වාස කරන්නේ මේ වනවිට මේ වන විට අත්ව ඇති තත්වයට මුහුණ දිමට සියලු දෙනා එක්වි සිටිය යුතු බවද පවසන්නට විය.
නමුත් රනිල් වික්රමසිංහ මහතාට සහාය දක්වනවා දැයි කල විමසිමේදි ඒ පිළිබදව තවමත් තිර්ණයක් ගෙන නොමැති බවද පවසන්නට විය .