ග්‍රාමීය කර්මාන්ත කරුවන්ට බලපාන ගැටලු වලට, වගකිය යුතු සියලු රාජ්‍ය ආයතන සම්බන්ධ කරගෙන තිරසර වැඩපිළිවෙලක් සකසන බව ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා පවසයි.
කර්මාන්තකරුවන් සහ ශිල්පීන් හමුවීමට ක්ෂේත්‍ර චාරිකාවක නිරත වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ,
“ තමුන්නාන්සේලා දන්නවා මම මහපොළොවෙන් ආපු මිනිහෙක් බව. මට සීත කාමරවලට වෙලා වැඩ කිරීමේ පුරුද්දක් නැහැ. ඒ නිසා තමයි මම ඔයගොල්ලෝ මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න තේරුම් ගැනීමට තමුන්නාන්සේලා ඉන්න තැනටම එන්න තීරණය කළේ. ඒ වගේම ජනාධිපතිතුමා මේ ප්රශ්නය තේරුම් අරගෙන තමයි අදාළ කර්මාන්තවලට වෙන් වෙන් වශයෙන් අමාත්‍යවරු පත් කරලා තියෙන්නේ.
මම දැක්ක විදිහට පවතින බොහෝ ගැටලු සාකච්ඡා මාර්ගයෙන් විසදා ගැනීමට පුළුවන් ඒවායි. ඒ නිසා මේ පිළිබදව ජනාධිපතිතුමා සමඟත් පරිසර, වනජීවි, වනරක්ෂණ, භූ විද්‍යා හා පතල් කැනීම් සහ ශ්‍රී ලංකා පොලීසිය ආදී වශයෙන් සියලුම අමාත්‍යංශ සහ දෙපාර්තමේන්තු සමග සාකච්ඡා කොට ග්‍රාමීය කර්මාන්ත රකින තිරසාර වැඩපිළිවෙලක් සකස් කිරීමට මම පොරොන්දු වෙනවා ” යැයි ප්‍රකාශ කළේය.
