ලංකා සතොස ආයතනය මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06 ක මිල පහළ දැමීමට තීරණය කර ඇත.
ලොකු ළූණු කිලෝග්‍රෑමයක මිල රුපියල් 10 කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 309කි.
සුදු සීනි කිලෝග්‍රෑමයක මිල රුපියල් 04 කින් දමා ඇති අතර නව මිල රුපියල් 245 කි.
රතු පරිප්පු කිලෝග්‍රෑමයක මිල රුපියල් 02 කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 242කි.
පාන් පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 05 කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 174 කි.
රතු කැකුළු කිලෝග්‍රෑමයක මිල රුපියලකින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 173 කි.
සුදු කැකුළු කිලෝග්‍රෑමයක මිල රුපියල් 05 කින් පහළ දමා ඇති අතර නව මිල රුපියල් 174කි.