අත්‍යවශ්‍ය භාණ්ඩ 6 ක මිල තවදුරටත් අඩු කිරීමට ලංකා සතොස කටයුතු කර තිබේ. මෙම නව මිල ගණන් අද (20දා) සිටම ක්‍රියාත්මක බවත් එම ආයතනය නිවේදනය කරයි.
ඒ අනුව සෝයාමීට් කිලෝවක මිල රුපියල් 45 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 580කි.
අර්තාපල් කිලෝවක මිල රුපියල් 40 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 290කි.
හාල්මැස්සො කිලෝවක් රුපියල් 30 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 1100කි.
සුදු ලූනු කිලෝවක් රුපියල් 25 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 620කි.
ලොකු ළූණු කිලෝවක් රුපියල් 15 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 195 කි.
රතු පරිප්පු කිලෝවක් රුපියල් 15 කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 299 කි.
