ලංකා සතොස මගින් අලෙවිකරන භාණ්ඩ වර්ග හතරක මිල තවදුරටත් අඩු කිරීමට කටයුතු කර තිබේ.
එම මිල අඩු කිරීම අද (25දා) සිට ක්රියාත්මක බවද සතොස ආයතනය කියයි.
මේ අනුව,
සම්බා සහල් කිලෝවක මිල රුපියල් 6කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 222කි.
කඩල කිලෝවක මිල රුපියල් 6කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 549කි.
පරිප්පු කිලෝවක මිල රුපියල් 5කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 295කි.
රතු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 3කින් අඩුකර ඇති අතර නව මිල රුපියල් 169කි.