පානදුර , නල්ලුරුව සතොස වෙළෙඳ සැල කඩා සහල් සහ පොල්තෙල් තොගයක් සොරකම් කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කල බව පින්වත්ත පොලිසිය පවසයි .
එහි කළමණාකරු විසින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ .
වෙළෙඳ සැලේ පිටුපසින් ඇති තහඩු ආවරණයක් ගලවා ඇති බවට, කරන ලද මූලික පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයිද පොලිසිය පවසයි .
වෙළෙඳ සැලේ ආරක්ෂක කැමරා සවිකර නොමැති බවත් ඇගිලි සලකුණු නිලධාරීන් කල පරීක්ෂාවේදී ජනේලයකින් ඇතුල්වී ඇති බවට තහවුරුව ඇති බවත් පොලිසිය සදහන් කරයි.
සහල් සහ පොල්තෙල් ඇතුළු දෑ රැගෙන ගොස් ඇති බවට කළමනාකාරිත්වය සදහන් කරන අතර , සොරකම් කර ඇති භාණ්ඩ වල වටිනාකම මෙතෙක් තහවුරුව නැතැයිද පොලිස් නිළධාරියෙක් පැවසීය.
පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
පානදුර සුමිත් පොතුපිටිය