සතෙක් වගා හානි කළොත් අයිතිකරුට රු . 1000ක දඩයක්
වගා හානි සිදුකළ අයාලේ යන සතුන් බැඳ තමන අවස්ථාවලදී ආහාරපාන වෙනුවෙන් සතුන්ගේ අයිතිකරු ගොවීන්ට දිනකට ගෙවිය යුතු මුදල රුපියල් 25 සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.
ඒ අනුව වසර 20කට අධික කාලයක් ක්‍රියාත්මක වූ 2000 අංත 46 දරණ ගොවිජන සංවර්ධන පනතෙන් සංශෝධිත කෙටුම්පත කඩිනමින් ගැසට් කිරීම හරහා මෙම දඩ මුදල් ඉහළ දැමීමට නියමිතය.
අදාළ සංශෝධන ඇතුළත් අවසන් කෙටුම්පත නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව විසින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට ඊයේ ලබාදුන් අතර පසුව එය පාර්ලිමේන්තුවේ අනුමැතිය මත කෘෂිකර්ම අමාත්‍යවරයා විසින් ගැසට් කිරීමට නියමිතව තිබේ.
මීට අමතරව අඳ ගොවි ගැටලු හා සංවර්ධන සභා පිහිටුවීමට යන කරුණුවලට අදාළ සංශෝධනද මේ යටතේ සිදුකිරීමට නියමිත වේ.
ඒ අනුව වගා කරනු ලබන වී අක්කරයක් සඳහා අඳ ගොවීන්ට ල බාදෙන බුසල් 14ක වී ප්‍රමාණය වැඩි කිරීමට අවධානය යොමුකර ඇති අතර නිෂ්පාදන පිරිවැය ඉහළ යාම හා අදාළ පිරිවැය සම්පූර්ණයෙන් අඳ ගොවීන්ට දැරීමට සිදුවීමට මීට හේතු වී තිබේ.
popular news
-
සුරංග Wednesday, 07 September 2022 11:09 AM
අලි අයිතිය තියෙන්නෙ වනජීවී දෙපාර්තමේන්තුවට වන අලියෙක් මිනිස් ක්‍රියාකාරකම් නිසා මැරුණම වහාම අත් අඩංගුවට ගන්නවා වනජීවී එකට අයිති අලියෙක් මිනිහෙක් ගැහැනු කෙනෙක් දරුවෙක් මැරුවොත් හෝ වගාවකට හානි කලොත් මොකද කරන්නෙ
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

