නැගෙනහිර පළාත තුළ පවත්වාගෙන යන ගොවිපළවල්හි සතුන්ට නිදැල්ලේ යාමට ඉඩ සලස්වන ගොවීන්ගෙන් දඩ මුදලක් අය කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය තීරණය කර තිබේ.
ඒ අනුව ඊට අවශ්‍ය නීතිමය කටයුතු සම්පාදනය කර පොලීසිය මගින් අදාළ දඩ මුදල් අය කර ගන්නා ලෙසට එම ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය විසින් පළාත් බලධාරීන්ට නියෝග කර තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් ආණ්ඩුකාරවරිය සඳහන් කර සිටියේ එළ හා මී ගවයන් මෙන්ම එළුවන්ද කිසිදු අවම පහසුකමක් හෝ නොමැතිව වනාන්තරවල නිදැල්ලේ හැර දැමීමට හිමිකරුවන් දීර්ඝකලක සිට කටයුතු කරන බවයි.
ඒ අනුව ගතවූ දින කිහිපය තුළ උද්ගතවූ අයහපත් කාලගුණික තත්ත්වය තුළ එම සතුන් මියයාමට ප්‍රධානතම හේතුව මෙලෙස නිදැල්ලේ හැර දමා තිබීම බවද ඇය පෙන්වා දුන්නාය.