මාසයයි සති තුනක් වයසැති බිළිදෙකු හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සදහා තලවතුගොඩ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමට යාමේදී මියගොස් ඇති බව මිරිහාන මූලස්ථාන පොලීසිය පවසයි.
මෙසේ මියගොස් මියගොස් ඇත්තේ මිරිහාන බැද්දගාන දකුණ නො 71 හි පදිංචි කොඩිතුවක්කු කංකානම්ගේ චයන් අක්ශාත් නමැති මාස 01 දින 21 වයසැති බිළිඩෙකු බව පොලීසිය කියයි .
මෙම බිළිදා නිවසේ වාසය කරද්දි එක්වරම සිරුරේ පැහැය වෙනස් වී අසාත්මිකතාවයක් ඇති වීම හේතුවෙන් ප්‍රතිකාර සඳහා තලවතුගොඩ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ඇති අතර එහිදී වෛද්‍යවරුන් පවසා ඇත්තේ බිළිදා මියගොස් ඇති බවයි.
පසුව තලංගම හදිසි මරණ පරීක්ෂිකා සාම විනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය බිලිඳු මළ සිරුර තැන්පත් කර තිබූ රෝහලට ගොස් ස්ථානීය පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බිළිදු මළ සිරුර කොළඹ පොලිස් මෘත ශරීරාගාරයට රැගෙන යන ලෙස පොලීසියට නියෝග කළාය .
ඒ අනුව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී බී.ඇම්.ඩබ්ලිව් . කුමාර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කොට බිළිදු සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂක පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.
ඒ අනුව ඉදිරිපත් වූ සාක්ෂි සහ පශ්චාත් මරණ පරීක්ෂණ වෛද්‍ය වාර්තාවට අනුව බිලිඳාගේ මරණයට හේතුව නොදක්වා විවෘත තීන්දුවක් ලබාදීමට හදිසි මරණ පරීක්ෂිකා සාමවිනිසුරු ප්‍රේමලතා අබේවර්ධන මහත්මිය නිගමනය කළාය.
මෙම බිලිදාගේ හිසෙහි වට ප්‍රමාණය උපතින්ම කුඩාවට පිහිටා තිබී ඇති බව වාර්තා වේ.
පානදුර සුමිත් පොතුපිටිය