සති දෙකක් ඇතුලත රටේ තත්ත්වය වෙනස් නොවුනහොත් තමන් මහ බැංකු අධිපති ධූරයෙන් ඉල්ලා අස්වන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.
විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔහු සඳහන් කලේ ඒ බව ජනාධිපතිවරයා සහ සියළුම දේශපාලන පක්ෂ වෙත තමන් දැනුම් දී ඇති බවයි.