ඉදිරි සති දෙකක කාලය තුළදී ඩීසල් තොග රැගත් නෞකා කිහිපයක් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.
අද කොළඹදි පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය. මේ අනුව ඉන්දීය කොරල් එනර්ජි සමාගමේ ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාවක් එළැඹෛන 8-9 දින අතරත්,
විටෝල් සමාගමේ ඩීසල් මෙට්‍රික් ටොන් 40000ක් රැගත් නෞකාවක් එළැඹෙන 11-14 දා අතරත්,
ඉන්දීය තෙල් සමාගමේ ඩීසල් නෞකාවක් එළැඹෙන 15-17 දා අතරත් දිවයිනට පැමිණීමට නියමිතව ඇති බව ඔහු පැවැසීය.
මේ සඳහා අවශ්‍ය මුදල් කොටස් වශයෙන් තැන්පත් කර ඇති බවද අමාත්‍යවරයා පැවැසිය.
ඒසේම ලංකා ඉන්දීය තෙල් සමාගමෙන් ඩිසල් මෙට්‍රික් ටොන් 7500ක් ලබා ගැනිම වෙනුවෙන් මේ වන විටත් මුදල් තැන්පත් කර ඇති බවද අමාත්‍යවරයා කීවේය.