සති අන්තයේ විදුලි කප්පාදුව පැයයි විනාඩි 20ක් බව ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ඒ අනුව අද දිනයේදී හා හෙට දිනයේදී පස්වරු 5 සිට රාත්රි 9.00 දක්වා මෙම විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතය.
සඳුදා දිනයේදි යළිත් පැය දෙකයි විනාඩි 20ක විදුලි කප්පාදුව සිදුකිරිමට නියමිතය. මෙහිදි දිවා කාලයට පැයකුත් රාත්රී කාලයට පැයක් හා විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.