සතියක් තුළ හෝමූස් විවෘත කරන්න ඉරානයෙන් ඇමෙරිකාවට යෝජනාවක්
හෝර්මුස් සමුද්‍ර සන්ධිය සතියක් ඇතුළත නැවත විවෘත කිරීමට හැකි වන පරිදි ඇමරිකාවට යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසයි.
නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී මාධ්‍යවේදීන් අමතමින් අරග්චි පැවසුවේ අවශ්‍ය කොන්දේසි සපුරාලන්නේ නම් මෙය සිදු කළ හැකි බවත්, එම කොන්දේසි ජූනි මාසයේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට (MOU) ඇතුළත් බවත්ය.
"දැන් තීරණය ඇත්තේ ඇමරිකාව අතේයි" යැයි පැවසූ ඔහු, මෙම සැලැස්ම කටාර් රාජ්‍යය හරහා ඇමරිකාව වෙත යොමු කළ බවද සඳහන් කළේය.
ඉරානය විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව පිළිබඳව විමසූ විට, ඇමරිකානු නිලධාරියෙකු බීබීසී වෙත පැවසුවේ න්‍යෂ්ටික ගැටළු ඇතුළු කරුණු සම්බන්ධයෙන් මැදිහත්කරුවන් හරහා ධනාත්මක සාකච්ඡා සිදුවෙමින් පවතින බවයි.
මෙම යෝජනාවට අදාළව ඇමරිකාව තවමත් සිය නිල ප්‍රතිචාරය ලබා දී නොමැති වුවද, ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමින් 'වෝල් ස්ට්‍රීට් ජර්නල්' ) පුවත්පත වාර්තා කළේ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇති බවයි.
ඉරානය තම ඉල්ලීම් ඉටු කරනු ඇතැයි ට්‍රම්ප් පුද්ගලිකව සැක පහළ කළ බවත්, නැවතත් බෝම්බ ප්‍රහාර මාලාවක් දියත් කිරීමේ ඉඩකඩ පවතින බව ඔහු තම කාර්ය මණ්ඩලයට පවසා තිබූ බවත් එම වාර්තාවේ සඳහන් විය.
"අවශ්‍ය කොන්දේසි සපුරාලන්නේ නම්, සමුද්‍ර සන්ධිය නැවත විවෘත කර දින හතක් ඇතුළත සාමාන්‍ය නාවික ගමනාගමනය යථා තත්ත්වයට පත් කළ හැකිය," යැයි අරග්චි මාධ්‍යවේදීන්ට පැවසීය.
එක්සත් ජනපදය විසින් ගත යුතු පියවර මොනවාදැයි ඔහු නිශ්චිතව සඳහන් නොකළ නමුත්, "එක්සත් ජනපදය විසින් ගත යුතු ක්‍රියාමාර්ග අලුත් ඒවා නොවන බවත්, ඒ සියල්ල දැනටමත් අවබෝධතා ගිවිසුම (MOU) තුළ අන්තර්ගතව ඇති බවත්" වැඩිදුරටත් පැවසීය.
"ගිවිසුමකට එළැඹීමට සහ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමට එක්සත් ජනපද පාර්ශ්වය තුළ අවංක උනන්දුවක් තිබේ නම්, ඒ සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විටත් සූදානම් බව මට ඔබට කිව හැකිය," යැයි ඔහු තවදුරටත් සඳහන් කළේය.
එක්සත් ජනපද නිලධාරියෙකු BBC වෙත පැවසුවේ, "හෝර්මුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ පාලනය තමන් සතුව පවතින බැවින් එක්සත්
ජනපදය ඉතා ශක්තිමත් තත්ත්වයක පසුවන බවත්, එබැවින් ඔවුන්ට ඒ පිළිබඳව කිසිදු හදිසියක් නොමැති බවත්" ය.
BBC හි එක්සත් ජනපද හවුල්කාර ආයතනය වන CBS News සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඉරාන ජනාධිපති මසූද් පෙෂෙෂ්කියන් ප්‍රකාශ කළේ, සටන් විරාම ක්‍රියාවලිය "ඔවුන් එය පිළිගන්නා දිනයේ සිටම ආරම්භ වනු ඇති" බවයි.
"පාකිස්තානයේදී අත්සන් තැබූ අවබෝධතා ගිවිසුම මත පදනම්ව අපි මීට පෙර එකඟතාවකට පැමිණ සිටියෙමු... එක්සත් ජනපදය එම ආකාරයටම ඉදිරියට යාමට එකඟ වන්නේ නම්, සියල්ල පෙර පැවති තත්ත්වයටම පත්වනු ඇත," යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
එසේම, එක්සත් ජාතීන්ගේ න්‍යෂ්ටික පරීක්ෂකවරුන්ට රට තුළට ඇතුළු වීමට ඉරානය ඉඩ ලබා දෙන බවද පෙෂෙෂ්කියන් ප්‍රකාශ කළේය.
ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීමට උත්සාහ කරන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් ඉරාන ජනාධිපතිවරයා මෙසේ පැවසීය: "ඔවුන්ට පැමිණ පරීක්ෂා කිරීම් සිදු කිරීමට අවශ්‍ය නම්, සාකච්ඡා අතරතුර එම නිශ්චිත කරුණ සම්බන්ධයෙන් අපට ගිවිසුම් සහ එකඟතාවන්ට එළැඹිය හැකිය."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

