සතියක් තුළ ඊශ්රායේලයේදි දෙවැනි ශ්‍රී ලාංකික මරණයත් වාර්තා වෙයි
ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයේ සේවය කළ තවත් ශ්‍රී ලාංකිකයෙකුගේ අවාසනාවන්ත මරණයක් අද වාර්තා වන බව එරට සිටින ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි.
හදවත් රෝගී තත්ත්වයෙන් Ashdod රෝහලේ ප්‍රතිකාර ලැබූ චානක එරන්ද ලක්මාල් මහතා මරණයට පත්වූ බව අදාල රෝහල් මගින් දන්වනු ලැබු බවත් ඔහු කුරුණෑගල ගල්කටුයාය කිරින්දාවේ පදිංචිව සිටි වයස 33 ක තරුණයෙක් බවද තානාපතිවරයා පැවැසීය.
මීට පෙර පසුගිය 14දා පිහි ප්‍රහාරයක් හේතුවෙන් ලාංකිකයෙක් ඊශ්‍රා යෙලයේදී ජීවිතක්ෂයට පත්විය. මේ අතර අද අභාවප්රාත්ත වු චානක එරන්ද ලක්මාල් මහතාගේ දේහය ශ්‍රී ලංකාවට යැවීමට පෙර ඊශ්‍රායලයේ දී කරන ආගමික වතාවත්, මතක් වස්ත්‍ර පූජාව හා අවසන් ගෞරව දැක්වීම 2025 නොවැම්බර් මස 23 වැනි ඉරිදා පස්වරු 2,00 ට ඊශ්‍රායලයේ බෞද්ධ විහාරාධිකාරී බලන්ගොඩ ආනන්ද මංගල ස්වාමින් වහන්සේගේ ප්‍රධානත්වයෙන් සිදු කරන බවද තානාපතිවරයා පැවැසීය.
එසේම ඊශ්‍රායලයේ දී සහාසික ප්‍රහාරයකින් දිවි අහිමි වූ කේ.කේ. තරිඳු ශානක මහතාගේ දේහය පිළිබඳව අවසන් කටයුතු ද එදින එම අවස්ථාවේ දී පවත්වන බවද තානාපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

