රුපියල් මිලියන 243.8ක නීතිවිරෝධි වත්කම් ඉපැයීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අල්ලස් කොමිසම මඟින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්රී සජින් වාස් ගුණවර්ධන මහතා මාර්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ප්රකාශයක් ලබා දීම සඳහා ඔහු අද (09) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට පත්වූ අතර ඉන් අනතුරුව කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළේය.