සජිත් ප්‍රතිපත්ති ප්රකාශයදා අගමැතිට කතාවක් නොදිම තුළ සැඟවුණු රහසක් තියෙනවා - SB
සජිත් ප්‍රේමදාස තම ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වන දා පක්ෂනායක රනිල්ට කතාවක් නොදි ප්‍රතිපත්ති ප්‍රකාශය පළමු සිවිල් පුද්ගලයෙකු ලෙස රනිල්ට දිම තුළ සැඟවුණු රහසක් ඇති බව එස්. බි දිසානායක මහතා පවසයි.
කථික ලැයිස්තුව පිළිබඳව තිරණය ගත්තේ රනිල් වික්‍රමසිංහ බවද ඔහු පැවසීය.
කිවුල්ලිද පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදි අද (04) පැවැති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ පිළිවඳව සඳහන් කළේය,
රනිල් වික්‍රමසිංහට කතාවක් නොදුන්නෙත් වික්ටර් අයිවන් කතා කළෙත් මහනුවර හැටියට ලක්ෂ්මන් කිරිඇල්ල කතා කළෙත් සජිත් කතා කිරිමෙන් පසු අවසානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය 3වෙනියට ගෙනත් භාරදුන්නේ රනිල් වික්‍රමසිංහට බවත් සිවිල් පුද්ගලයෙකු ලෙස ප්‍රතිපත්ති ප්‍රකාශය භාරගත් පළමු පුද්ගලයා රනිල් වික්‍රමසිංහ මහතා බවද එස් බි දිසානායක මහතා පවසයි.
මෙතන සැඟවිච්ච දෙයක් ඇති බවත් සජිත්ට රනිල් නොමැතිව වෙනත් කෙනෙකු දා ගැනිමේ උවමනාවක් සජිත්ට ඇති බවත් මෙලෙසම රණසිංහ ප්‍රේමදාස ජනාධිපති අගමැති ලෙස ලලිත් හා ගාමිණි පෙන්න පෙන්න විකුණා විශ්‍රාම ගොස් සිටි ඩි.බි විජේතුංග අගමැති කලා සේම කිසිදා ජනපති විමට නොහැකි සජත් බැරි වි හෝ ජනපති වුවහොත් පියා කල දේම කිරිමට උවමනාව තිබුණත් එය කිරිමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නොහැකි බව ද එස් බි දිසානායක මහතා එහිදි පැවැසිය.
චමිල් රූපසිංහ

popular news
-
Nandana Monday, 04 November 2019 09:40 PM
ගොන් බෙට්ටක් කතා කරනවා වගේ
Reply : 0 1
ඔබේ චන්දයට සබැ වටිනා කමක් Tuesday, 05 November 2019 07:51 AM
71 වසරක මෙරටේ ශාපයට හේතුව රටේ පක්ෂ දෙක ගෙනගිය ප්‍රතිපත්තියක් නොමැති පොරොන්දු දේශපාලනය. මෙය දැන් පිටුදකිමු. අද රටට අවශ්‍ය වන්නේ ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයකි. මෙවර විකල්පය තෝරාගනිමු. පටු දේශපාලන මතවාද අතහරිමු. තව නැතිවන්නට දෙයක් නැත. මෙවර අනිවාර්යයෙන්ම 50% කිසිවකු නොගනී. එබැවින් මෙම ක්‍රමයට විරෝධය දැක්වීම උදෙසා හා රටට අත්‍යවශ්‍යම වූ විකල්පය සදහා පළමු මනාපය විකල්ප වෙනුවෙන් වෙන්කරමු. තවමත් හිත යටින් අන්ධව විස්වාස කරයි නම් ඔබගේ දෙවැනි මනාපය ඔබේ දැක්ම අනුව රටට විනාශය ගෙනවයි සිතන අපේක්ෂකයා පැරදවීමට පාවිච්චි කරන්න. (කිසිවකු මෙවර 50% නොගන්න බැවින් ඔබගේ වටිනා මනාපය අපතේ නොයා ඉහලම වටිනාකම ක් මෙමගින් ලැබේ.)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

