සජිත් නිසා රජයට සිදුවූ රු. බිලියන 5.5ක පාඩුවක් ගැන හෙළිදරව්වක්
මේ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා එවකට නිවාස අමාත්‍යවරයාව සිටි කාලයේ දී අවිධිමත් ලෙස ලබා දුන් ප්‍රතිලාභීන් 53,709 දෙනෙකුගේ ණය සීමා කිරීමට සිදු වූ බව ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියාරච්චි මහතා පවසයි. ඉන් රජයට ඉතිරි වූ මුදල රුපියල් මිලියන 7,852කට අධිකයි.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියාරච්චි මහතා පවසන්නේ මෙම අවිධිමත් නිවාස ණය ලබා දීම වැඩිවශයෙන් සිදුව ඇත්තේ 2018 හා 2019 වසර වල බවයි.
2015 හා 2019 කාලය තුල සජිත් ප්‍රේමදාස මහතා නිවාස 341,510 ක් ඉදිකිරීම් ආරම්භ කර ඇතත් අවශ්‍ය ප්‍රතිපාදන ලැබී තිබුණේ නිවාස 233,578කට පමණි. ඒ අනුව නිවාස 107,932ක ඉදිරි ණය වාරික ලබා දීමට නොහැකි විය. අවශ්‍ය ප්‍රතිපාදන නොමැති වීම ඊට හේතුවයි.
ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම නිවාස වලින් ඉතිරි නිවාස 45,093ක් ඉදිකර අවසන් කිරීම සදහා රුපියල් මිලියන 15,327කට අධික මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති අතර ඊට අදාළ කැබිනට් පත්‍රිකාවක් ද ඉදිරිපත් කළේය. ඒ අනුව අදියර කීපයක් යටතේ එම නිවාස ඉදිකර ගැනීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඊට අමතර මෙම නිවාස ඉදිකර අවසන් කිරීම සදහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා ගැනීමට අවශ්‍ය යෝජනාව ඉදිරි අයවැයට ඉදිරිපත් කිරීමටද කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව සභාපතිවරයා කියයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

