සජිත් දැනටමත් අමාත්‍යංශ වලට නිලධාරින් පත්කර අවසන් - රංජිත් අලුවිහාරේ
මෙම වසර තුළ අනිවාර්යයෙන් කුමන හෝ මැතිවරණයක් පවත්වන බවත් එම මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව දේශපාලන පළිගැනීම් වලට ලක් වූ සියලු දෙනාට වන්දි සහ සාධාරණය ඉටු කිරීමට සජිත් ප්‍රේමදාස මහතා ප්රමුඛ රජය බලාපොරොත්තුවෙන් සිටින බව හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන රංජිත් අලුවිහාරේ මහතා පැවසීය.
දඹුල්ල ප්‍රදේශයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එක් වූ ජන හමුවක් අමතමින් ඊයේ (28දා) අලුවිහාරේ මහතා මෙම අදහස් පළ කළේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ රංජිත් අලුවිහාරේ මහතා කියා සිටියේ සමගි ජනබලබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ වන විටත් නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්‍ය වැඩ වැඩපිළිවෙළ ආරම්භ කොට තිබෙන බවත් දැනටමත් අමාත්‍යංශ නිලධාරීන් පත් කොට එහි වැඩපිළිවෙළ සකස් කරමින් සිටින බවයි.
තමන් දේශපාලන පළිගැනීමට ලක්වූවන්ගේ සභාපතිවරයා හැටියට ඉදිරියේදී ජනතාවට දේශපාලන පළිගැනීමට ලක්වූ ජනතාවට සාධාරණය ඉටු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බවද රංජිත් අලුවිහාරේ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
popular news
-
අප්පුහාමි Monday, 31 January 2022 11:37 AM
ඉතා වටිනා වැඩක් මමත් රජයේ සේවයේ සිට විශ්‍රාම ගත්ත අයෙක් .අපට හිටපු තනතුරේ වැටුප් විෂමතා තිබුනේ 2004 කාලයේ සිටය .යහපාලනය කාලයේ සිටම කුරුණෑගල සමිතියක පිරිසක් මෙය නිවැරදි කිරීමට උත්සාහ ගත්තට සාර්ථක වුනේ නැහැ .එමෙන්ම අපට පරිපාලන සේවයේ කුසලතා මත ඉදිරිපත් වීමට තිබූ අවස්ථාව නැතිකලා.මම වරක් සීමිත විභාගයේ 202 ක ළකුණු ගත්තත් එය හිතවතුන්ට මාරුකර අපව අයින්කලා.ඒවාට විසදුම් ලබාදීම නොහැකි නම් අපට අහිමි කල තනතුරු ලබාදී හිග වැටුප් නැතුව හෝ නියමිත වැටුප් මත විශ්‍රාම වැටුප් ලබාදෙන්න
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

