සජිත් ජනපති වු පසු තනි සිගරුට්ටුව තහනම් කරනවා - රාජිත
සජිත් ප්‍රේමදාස මහතා ජනපති ධුරයට පත්වු විගස තම ප්‍රථම රාජකාරිය ලෙස තනි සිගරුට්ටුව විකිණීම තහනම් කිරිමට අව්‍යශ නීතිමය කටයුතු සම්පාදනය කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිත්වයෙන් යුතුව පිහිටුවන නව රජයක් යටතේ සෞඛ්‍ය ක්ෂේත්රයේ සිදු විය යුතු ප්‍රවර්ධන ක්‍රියාවලීන් සම්බන්ධයෙන් ජනපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාත් වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය වෘත්තිකයින් සමඟ පැවති සාකච්ජාවකදී සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් අදහස් පළ කළේය.
ඊයේ (21) පැවති උත්සවයේදි අදහස් දැක්වු අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ දුම්කොළ පාලනය පිළිබද ලෝක සෞඛ්‍ය සංවිධානයේ රාමු සම්මුතියට අනුව මේ වනවිට එහි සම්මුතීන් 22 න් 21ක් අප රට ක්‍රියාත්මක කර ඇති බවත්, අවසන් සම්මුතිය වන තනි දුම්වැටිය විකිණීම තහනම් කිරිම පිළිබද සම්මුතිය ක්‍රියාත්මක කිරිමට අදාළව තමන් අමාත්‍ය මණ්ඩලයට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ ද ඊට මහා භාණ්ඩාගාරයෙන් විරුද්ධත්වය පළ කළ බවයි.
දුම්කොළ සම්බන්ධයෙන් තමන් මේ වනවිට ගෙන ඇති ක්‍රියාමාර්ග හේතුවෙන් රජයට ලැබෙන විශාල බදු ආදායමක් අහිමි වන බැවින් සහ තනි සිගරට්ටුව විකිණීම තහනම් කිරිම නිසා තවත් බදු ආදායම් රජයට අහිමි වන බැවින් ඔවුන් ඊට විරුද්ධත්වය පළ කරන ලද බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දුම්වැටි පාලනය කිරිමට තමන් ගන්නා ඉහත ක්‍රියාමාර්ග හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ පාලන කාලය තුළ දුම්කොළ පාලනය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ රාමු සම්මුතිය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කළ පළමු රට බවට ශ්‍රී ලංකාව පත්වන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරන ලදි.

popular news
-
වසන්ත Tuesday, 22 October 2019 06:48 PM
ඔය ඉතිං කන බොන මිනිස්සුන්ගේ ජන්දය සජිත් මහත්තයට නැති වෙන්න මුලක් තමයි. අනේ කට වහගෙන ඉන්නකෝ ජන්දේ ඉවරවෙනකන්. ඔබතුමාට නැති උනාට අපට නං හීනියට මත්විමෙන්,දුම්වැටියක් ඉරීමෙන් වින්දයක් තියෙනවා. අනික ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රයට රජය වෙන් කරන වියදමට වඩා වැඩියි මත්පැන්,දුම්වැටි වලට දමා ඇති බදුවලින් රජය එක්රැස් කරන මුදල. කොටින්ම කිව්වොත් රටේ අරක්කු,සිගරට් බොන මිනිස්සු නිසා තමයි අනෙකුත් සියලුම දෙනාට නොමිලේ සෞඛ්‍ය පහසුකම් හිමිවෙලා තියෙන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

